රූපලාවන්‍ය ශිල්පිනිය ධීවරයාගේ ඇම කයි


ටෙලිනාට්‍යයක රඟපෑමේ අවස්ථාවක් සලසා දෙන බව කියමින් රූපලාවන්‍ය ශිල්පිනියක බොල්ගොඩ වැවේ රවුම් ගස්සවා විවිධ ආකාරයෙන් ඇඳුම් අන්දවා ඡායාරූප ද ගෙන ඇගේ රන් බඩු සොරා ගත් බව කියන ධීවරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි. ඡායාරූප ශිල්පියා අත්අඩංගුවට ගැනීමට සොයයි.
ඇය ඇඳ සිටි ඇඳුම් මාරු කැර අඩ නිරුවත් ඇඳුමක් අන්දවා පින්තූර ගන්නට පෙර රන් බඩු සොරාගෙන ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ ජංගම දුරකථනය පිරික්සූ පොලිසිය කියනුයේ ඔහු ළඟ තුබූ දුරකතන අංකවලින් වැඩිහරියක්ම රූපලාවන්‍ය ශිල්පිනියන්ගේ බවයි.