රූපලාවන්‍ය දොස්තරට සුදුසුකම් නැතිලු


බම්බලපිටියේ රූපලාවන්‍ය ආයතනයේ දී මිය ගිය දොස්තර ඊ ඒ ප්‍රියංගාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් දොස්තර නිමල් ගමගේ අද පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙන කොළඹ මෘත ශරීරාගායට ගෙන එනු ලැබීය.

ඔහු අද සවස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සවස්වන තුරු අවසන් වූයේ නැත.

මේ අතර රූපලාවන්‍ය වෛද්‍යවරයාගේ සුදුසුකම් පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරු ප්‍රශ්න මතු කරති. කියන සුදුසුකම් ඔහුට නැතැයි ඔවුහු පවසති.

_DSC0097 _DSC0098 _DSC0106 _DSC0110