රූපමය අවවාදය සිගරට් පැකැට්ටුවට එයි


දුම් පානය සෞඛ්‍යයට අහිතකර බව කියැවෙන රූපමය අවවාද  සිගරට් පැකට්ටුවේ ප්‍රදර්ශනය කළ යුතු යැයි කියැවෙන රීතිය පාර්ලිමේන්තුව අද ඒකමතිකව අනුමත කළේය.

කථානායක චමල් රාජපක්ෂ මහතාගේ අත්සනින් පසු එය නීතීගත වෙයි.

මෙම අවවාද  සිගරට් පැකැට්ටුවේ ප්‍රදර්ශනය කිරීමට නොහැකි වුයේ සෞඛ්‍යය අමාත්‍යංශයේ එම උත්සාහයට එරෙහිව දුම්කොළ සමාගම අධිකරණයට ගිය හෙයිනි.