කාන්ති ගුණතුංග පංචකල්‍යාණි කිරුළ
වණ මෝහිනී, සංදේශය වැනි චිත්‍රපටවල අමතක නොවන භූමිකාවක් හට පණ පෙවූ කාන්ති ගුණතුංග 1954දී ලංකාදීප පංචකල්‍යාණි තරගයෙන් මුල්තැන දිනා ගත්තාය. ඒ හේතුවෙන් ඇය එඩී ජයමාන්නගේ බිරිය ලෙස දොස්තර චිත්‍රපටයේ රඟපෑමට වරම් ලැබුවාය.
පර්ල් කුරේ ලස්සනම මුහුණ
සුරූපි නිළියක වූ පර්ල් කුරේ, 1963දී ලස්සන මුහුණු සෙවීමේ තරගයෙන් මුල්තැන හිමිකර ගත්තාය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා රූ රැජන කිරුළ හිමිකරගත් පර්ල් අමෙරිකාවේ පැවති ලෝක රූ රැජන තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළාය. ඇය රොබින් තම්පෝගේ ‘සුදු සඳේ කළුවලා’ චිත්‍රපටයේ මුලින්ම රඟපෑවාය.
රෝසි සේනානායක මුල්ම විවාහක රූ රැජන
සිනමා රසික රසිකාවියන් සිය රූමත්කමින් වශී කළ රූප රැජිනියන් වූ සිනමා නිළියන් ගැන විමසීමේදී රෝසි සේනානායකට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි.
1980දී ශ්‍රී ලංකා රූ රුජන තරගයට සහභාගි වූ රෝසි 1981දී මිස් ඒසියා පැසිෆික් ඉන්ටර්නැෂනල් කිරුළ හිමිකර ගත්තාය. 1985 පැවති මුල්ම විවාහක රූ රැජන තරගයෙන් ජයගත් රෝසි එම වසරේම සිනමා ලොවට අවතීර්ණ වූයේ ‘සුරදූතයෝ’ චිත්‍රපටය තුළින්ය. ඉන් අනතුරුව රෝසි ප්‍රාර්ථනා, තාත්ති මම ආදරරෙයි, රන් දම්වැල්, අංජලිකා, ඉට්ස් ද මැටර් ඔෆ් ටයිම්, ඉට්ස් ද මැටර් ඔෆ් ලව් වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වූවාය.
අයේෂා වීරකෝන් Times රැජන
1952දී Times පුවත්පත මගින් සංවිධානය කළ රූ රැජන තරගයෙන් 3වැනි ස්ථානය දිනූ අයේෂාගේ පින්තූරයක් පත්‍රයේ පළවීමෙන් අනතුරුව ඇයට රංගන වරම් හිමිවිය.
1953දී ඇයට ‘ප්‍රේම තරගය’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑම සඳහා එස්.එම්. නායගම්ගෙන් ආරාධනාවක් ලැබිණ.
පසු කලෙක හිටපු ඇමැතිවරයකු හැරල්ඩ් හේරත් සමඟ විවාහ වූ ඇය ග්වෙන් හේරත් ලෙස ප්‍රකට වූවාය.
රොසෑන් ඩයස් 2005 රූ රුජන
2005 වසරේ ශ්‍රී ලංකා රූ රැජන ලෙස කිරුළු පලන් රොසෑන් ඩයස් ‘දේදුනු වැස්ස’ සහ ‘නිසල ගිර’ චිත්‍රපටවල රංගනයෙන් දායක වූවාය. රූ රැජනන් තේරීමේ තරග සංවිධානය කිරීමේ කටයුතුවල ඇය දැන් නිරතව සිටී.
අනර්කලී ආකර්ෂා 2004 මිස් ශ්‍රී ලංකා
2004 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් අනර්කලී පිස්සු ට්‍රිබල්, එකමලක පෙති, වන් ෂොට්, හිරි පොද වැස්ස, සොඳුරු වසන්තය, අංජිලිකා, සිකුරු හතේ, ඉට්ස් අ මැටර් ඔෆ් ලව් වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වූවාය.
ජැකලීන් ෆර්නෑණ්ඩස් මිස් යුනිවර්ස්
2006 වසරේදි ශ්‍රී ලංකා විශ්ව රූ රැජන කිරුළට හිමිකම් කියමින් සිනමා ලොවට ප්‍රවිෂ්ඨ වූ ජැක්ලීන් මේ වනවිට බොලිවුඩයේ දිදුලන සිනමා තරුවක් බවට පත්ව සිටී. 2009දී ඇලඩින් චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක හමුවට ආ ජැක්ලීන්, පසුව Murder 2, Housefull, Race – 2, Kick, Roy, Dishoom, වැනි චිත්‍රපටවල රඟපෑවාය. තව නොබෝ දිනකින් තිරගත වන චන්ද්‍රන් රත්නම්ගේ ‘එකෝඩිං ටු මැතිව්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේද ජැක්ලීන්ය.

