රූකාන්ත චන්ද්‍රලේඛා නඩු තීන්දුව කල් යයි


රූකාන්ත චන්ද්‍රලේඛා  නඩුවේ තුන් වැනි සැකකරු නොපැමිණිම නිසා නඩු තීන්දුව අගොස්තු පළමුවැනිදාට කල් තබන බව පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී විරවර්ධන මහත්මිය මින් මොහොතකට පෙර ප්‍රකාශ කළාය.

චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනපති සමයේ ජනපති ආරක්ෂක අංශයේ සේවය කළ බන්දුල  මදුෂාන් කුමාර, ඩබ්ලිව් ඩි  නිහාල් විජේසිරි, ලෙස්ලි චන්ද්‍රසිරි ,කේ කේ කරුණාසේන  ජයලත්, අතුල සේනාරත්න,පී ඩී ඩී  සෝමරත්න ,රතු හැලඹගේ ධර්මසිරි ,බී ලලින්ද රාජරත්න,ඉෂාන්  සම්පත් රණසිංහ, ආරච්චිගේ උපාලි  ආරියදාස නඩුවට පෙනී සිටියහ.

තෙවැනි විත්තිකරු වන  එම් කේ සරත්කුමාර රූපසිංහ ‍අසනිප වී රෝහල් ගත කීරිම හේතුවෙන්  අධිකරණයේ පෙනී නොසිටියහ.