දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා වන කොටස මහජනතාවට විවෘත කිරිම තවත් මසකින් පමණ කල්දැමිමට රජය තීරණය කර තිබේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල - මාතර කොටස ජනපති මහින්ද රාජපක්ෂ අතින් මෙම මස 31 වැනිදා විවෘත වීමට නියමිතව තිබුණි.
මේ සදහා හේතු ලෙස රජය පෙන්වා දෙන්නේ නූපේ හන්දිය හා මාතර සිට ගොඩගම දක්වා දිවෙන පිහිසුම් මාර්ගයන්ගේ ඉදිකිරීම් කටයුතු හා අධිවේගී මාර්ගය දෙපස අලංකරණ කටයුතු තවමත් අවසන්වී නොමැති වීමයි.
රජයේ ආරංචි මාර්ග වලට අනුව දකුණු පළාත් මහමැතිවරණයට පෙර මාර්ගය විවෘත කිරීමට රජය සැළසුම් කරගෙන සිටී.