අසංකි ඔබ ගැන කෙටි විස්තරයක් කළොත්?
මගේ වයස අවුරුදු 22යි. ලග්නය මිථුන, උස - අඩි 5යි අඟල් 8යි. ඉගෙන ගත්තේ ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයෙන්. අපේ පවුලේ ඔක්කෝම පස්දෙනයි. අම්මා තාත්තා සහ අයියලා දෙන්නා සමග මම පවුලේ බාලයා මමයි.
![]() |
![]() |
![]() |
පාසල් කාලයේ අරමුණක් තිබුණද?
ලොකු අරමුණක් තිබුණෙ නැහැ. ඒත් රංගනයට ලොකු ආසාවක් තිබුණා. පසුකාලයකදී සිරුරේ හැඩය ගැන හිතද්දී නිරූපණ අංශයට ගියොත් හොඳයි කියලා හිතුවා. පාසල් ජීවිතයට සමුදුන්නට පස්සේ පුවත්පතක නිරූපණ ක්‍ෂේත‍්‍රයේ දැන්වීමක් දැකලා ඊට අයදුම් කළා. මොඩල් ඔෆ්දි ඉයර් නිව් ජෙනරේෂන් කියන ඒ තරගයෙන් පළමුවැනියා වුණා. ඒ අතරවාරයේදී වික‍්‍රමාරච්චි ආයතනයේ රැකියාවට එක්වුණා. රැකියාව කරන අතරවාරයේදී හත්වැනි ආසියානු නියෝජිත තරගයට ඉදිරිපත් වී (කොරියාවේ පැවැති) ශ්‍රී ලංකාවෙන් පළමුවැනියා වී ලෝකයෙන්ම හොඳම දහදෙනා අතරටත් පත්වුණා. පසුව තායිලන්තයේ පැවැති තවත් තරගයකදී පළවැනියා වුණා.සෙලින්කෝ වීඅයිපී තරගයේ දෙවැනියා වුණා. මිස් ශ්‍රී ලංකා හෙවත් ශ්‍රී ලංකා රැජින (සියත සහ ලක්ස්) දක්වා ආවේ ඒ විදියටයි.
ඇයි ඔබට ? රැජින තරග සඳහා යන්න හිතුණේ?
මම හිතන්නෙ එය බොහෝ තරුණියන්ගේ සිහිනයක් වෙන්න ඇති. මටත් ඒ සිහිනය තිබුණා. ඒත් එක් සුරූපිනියක් තරග ජයග‍්‍රහණය කරද්දී කවදාහරි ඒ කිරුළ දරන්න ඇත්නම් කියන සිතිවිල්ල මටත් තිබුණා. මේ වයස ඊට සුදුසුම වයස වෙන්න ඇති කියලා හිතපු නිසා ඊට අයදුම් කළා.
රූ-රැජින තරගයකට යාමෙන් ලැබෙන වරප‍්‍රසාද මොනවද?
ක්‍ෂේත‍්‍රයේ සිටින බොහෝ ප‍්‍රවීණයින් හඳුනාගන්නට ලැබීමම ලොකු වාසනාවක්. ගැහැණු ළමයෙකුගෙ සිහිනයක් සැබෑවීමක්.
ඒ සිහිනය සැබෑවී ලෝක තරගාවලියකදී රට නියෝජනය කරන්නට ලැබීම ලොකු භාග්‍යයක්.
මේ කිරුළ ඔබට හිමිවුණේ බාහිර හැඩරුව නිසාම විතරද?
නැහැ බාහිර ස්වරූපයට වඩා දැනුම - පෞරුෂය- හැසිරීම ඔය ආදි බොහෝ දේ ගැන විමර්ශනය කොට බලා අවසන තීන්දුවක් ලබාදෙනවා.
ඔබ ලස්සන රඳවා ගන්න මොනවද කරන්නෙ?
මම මේ තරගවලට එන්නට පෙර, නිරූපණ අංශයේ කටයුතු කළේ. මගේ උස සහ සිරුරේ නම්‍යශීලි බව ඊට කදිම ආභරණයක් වුණා. සිරුරේ හැඩය තියාගන්න ඕනෑ නිසා හිතෙන හිතෙන දේ කෑමට ගන්න බැහැ. බොහෝ විට කෘති‍්‍රම දේ යොදාගෙන පිළියෙළ කරන ආහාර පානවලට වඩා ස්වභාවික දේට හුරු වුණා. ජලය වැඩි ප‍්‍රමාණයක් පානය කරනවා.
රූ-රැජිනක් යනු වෙළඳ සමාගමක් වෙනුවෙන් විකිණෙන වෙළඳ භාණ්ඩයක්ද? සමහරු ඒ විදියට වර්ග කරනවා නේද?
මම නම් එහෙම දකින්නෙ නැහැ. මොකද එ වගේ අවස්ථා හැමෝටම ලැබෙන්නෙ නැහැ. එහෙම ලැබෙන්නේ විවිධ අංශවලින්. ලබන ජයග‍්‍රහණ සහ ජනපි‍්‍රයත්වය මතයි. එය කලාතුරකින් ලැබෙන වාසනාවක්. ලෝක රූ රැජින තරග සඳහා ඉදිරිපත් වීම රටට හොඳ පිළිගැනීමක් ගෙනදීමක්. ඒ නිසා මේ දිහා එක් කෝණයකින් බලන එක වැරදියි.
රඟපෑමට ආසයි කිව්ව ඔබට දැන් ඒ ආසාව නැද්ද?
තවමත් රඟපෑමට ආසයි. ඒත් නිරූපණ ක්‍ෂේත‍්‍රයට ආපසු ඒ ගැන හිතුවෙ නැහැ. රූ-රැජින තරගය දිනුවාම බොහෝ නිර්මාණවලට කතා කළා. ඒත් මම තවම දන්නේ නෑ මට රඟපාන්න පුළුවන්ද කියලා.
හැබැයි රඟපෑවොත් බොහෝ දුරට බාරගන්නේ සිනමාවේ චරිත විතරයි.
අසංකි ඔබ කොහොම කෙනෙක්ද ?
මගේ යාළුවො නම් කියන්නේ මම අඩුවෙන් කතා කරන කෙනෙක් කියලයි. ආඩම්බරයි. කියලත් කියනවා. ඒත් මම එහෙම නැහැ. සතුන්ට හරි ආදරෙයි. පොඞ්ඩක් හරි නරකට තියෙන්නේ චුට්ටක් විතර කේන්ති යන එකයි.
හොඳ නම රැකගන්න නම්? මොන වගේ දෙයක් කරන්න ඕනෑද?
තරුණියක ලෙස සීමාව තියාගෙන තමුන්ගෙ චරිතය රැකෙන විදියට කටයුතු කළ යුතුයි. මම උපරිමයෙන් ඒ දේවල් රකින බව කියන්න පුළුවනි.
පෙම්වතා මේ කරන දේවල්වලට කැමතිද?
පෙම්වතෙක් හිටියා හැබැයි දැන් නම් නැහැ.
ආදරයට තහංචි දාලාද?
නැහැ ආදරය ජීවිතයට ඕනෑමයි. එය හදවතින්ම කළයුතු වටිනා දෙයක්. මේ ගමනේදී මට උදව් කරන දෙමාපියන්, අයියලා, දෙන්නා, බ‍්‍රයන් කර්තෝවන්, තමීල් සහ වික‍්‍රමාරච්චි මහතාත්, සංගීතා වීරරත්න සහ සේනකද සිල්වාත් ආදරයෙන් මතක් කරන්න කැමැතියි.
හැඩගැන්වීම් - රම්සි රහ්මන්.