නවකවදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්ව විද්‍යාලයයේ මානව සම්පත් ශාස්ත්‍රපීඨයේ සහ කළමනාකරණ පීඨයේ සිසුවියන් තිදෙනකු හා සිසුන් තිදෙනකුගේ පන්ති තහනම් කළ බව උපකුලපති මහාචාර්ය ගාමිණි සේනානායක මහතා කියයි. ඊට සම්බන්ධ තවත් සිසුන් පිරිසක් ගැන පරීක්ෂණ පවත්වන බව ඔහු කියයි.