රුහුණේ පාරේ අවහිරය ඉවරයි


හම්බන්තොට මාගම්පුර වරාය ආශ්‍රයෙන් ආයෝජන කලාපයක් සඳහා චීන සමාගමකට ඉඩම් බදු දීමට යතියි කියමින් ‘හම්බන්තොට ජනතා අයිතීන් සුරැකීමේ එකමුතුව‘ අද (14) මිරිජ්ජවිල මංසන්ධියේ දී මාතර - හම්බන්තොට පාර පැය තුනක් වසා උද්ඝෝෂණයක් කළේය.

අද පස්වරුව වනවිට පාරේ අවහිරය අවසන් විය. දහසකට ආසන්න ප්‍රදේශවාසීහු එම උද්ඝෝෂණයට එක්වූහ.

මේ අතර මාගම්පුර වරාය සේවකයන්ගේ වර්ජනය අද විසඳුමකින් තොරව අටවැනි දිනට එළැඹීය.

 DSC06191 DSC06172

DSC06174_7

DSC06161 DSC06183