රුහුණේ දෙපිරිසක් එළියකන්දේ ගහ ගනිති


රුහුණ විශ්ව විද්‍යාලයයේ එළියකන්ද නේවාසිකාගාරය ඉදිරිපිටදී සරසවි සිසුන් හා පිටස්තර පිරිසක් අතර ගැටුමකින් තුවාල ලැබූ සිසුහු දෙදෙනෙක් මාතර රෝහලට ඇතුලත් කරනු ලැබූහ.

පහර දුන් අය අත පොලු මුගුරු තිබුණ බව කියති.

යතුරු පැදි තුනක් සමග සැකකරුවන් හය දෙනකු   අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් අතර සිසුන් තිදෙනකු සිටින බවත් පොලීසිය පවසයි.