රුහුණු සිසුහු පෙළපාළියෙන් මාතර දෙසට


රුහුණු සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට පහරදීමට එරෙහිව දහසක් පමණ සිසුහු වැල්ලමඩමේ සිට මාරත දෙසට පෙළපාලියකින් එමින් සිටිති.

පොලීසියට ඔවුනට දැන්වූයේ නගරයට ඇතුළු නොවන ලෙසයි. එහෙත් පොලිස් අණ නොතකා නගරයට යමින් සිටිති. මාතර පල්ලිමුල්ලේදී ඔවුන් නතර කරනු ඇතැයි පොලිස් ආරංචි කියයි.