රුහුණු සිසුවියෝ කහ ඉරේදී බසයේ හැපෙති


රුහුණු සරසවිය ඉදිරිපිට කහ ඉර මතදී බසයක හැපුණු සිසුවියන් තිදෙනකු මාතර රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.

එම සරසවියේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ එම සිසුන් බසයේ හැපෙනුදුටු තවත් සිසුවියක සිහිසුන්වීම නිසා රෝහල් ගත කළ බව ද පොලීසිය සඳහන් කරයි.