රුහුණු සරසවි ආචාර්යවරු 12 කගෙන් කෝටි 05ක පොල්ලක්


  (ජේ.කේ.එල්. චාමින්ද)

 රුහුණු විශ්විද්‍යාලයේ බැදුම්කර  ගිවිසුම්  කඩකළ  ආචාර්යවරුන්  12 දෙනෙකුගෙන්  රුපියල්  49,611,498 කමුදලක්  එම විශ්වවිද්‍යාලයට අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

 ඉකුත් වර්ෂයේ 2024 ජුනි මස 30    දිනවනවිටත් මෙම මුදල අයකරගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. අආළ මුදල් කඩිනමින් අයකරගැනිමට කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

2006,2008 හා 2018  යන වර්ෂවල බැදුම්කර ගිවිසුම් කඩකළ  ආචාර්යවරුන්ගෙන් මෙම මුදල අයවිමට තිබුණි. විගණකාධිපතිවරයා විසින්   රුහුණු විශ්වවිද්‍යාලය සම්බන්දයෙන් (2021-2023)  නිකුත්කොට ඇති  ත්‍රෛවාර්ෂික  වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.