රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් නොමග ඇරියාට දෙදෙනෙකුගේ පන්ති තහනම්


(ඩී.ජී.සුගතපාල)
 

රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා අද (15) සිට නැවත දැනුම් දෙනතුරු  මානව ශාස්ත්‍ර පිඨයේ සහ සමාජ විද්‍යා පීඨයේ දෙවන වසර සිසුන් දෙදෙනෙකුගේ පන්ති තහනම් කර තිබේ.
 
පෙරේදා (13) මෙම පීඨවල දෙවන වසර සිසුන් සඳහා පවත්වන ලද විභාගයට පෙනී නොසිටින ලෙස අනෙකුත් සිසුන්ට දැන්වීම සහ එය සංවිධානය කිරීම සම්බන්ධයෙන් මෙසේ පන්ති තහනම් කර ඇත.