රුහුණු විද්‍යා පීඨ ශිෂ්‍ය සභාව තහනම්


රුහුණු විශ්ව විද්‍යාලයයේ විද්‍යා පීඨ ශිෂ්‍ය සභාව පාලනාධිකාරිය විසින් අද සිට තහනම් කරනු ලැබීය.

සරසවි ආචාර්යවරුන් අපහසුවට පත් කිරීම ඊට හේතුව බව උපකුලපති ගාමිණී සේනානායක මහතා කියයි.

එවැනි පොස්ටරයක් සරසවි භූමියේ තිබී පාලකයන් අතට පත් වී ඇත.

මෙම තහනමට එරෙහිව ශිෂ්‍යයෝ සරසවියේදීද, වැල්ලමඩම පාරේ උද්ඝෝෂණයක් ද ඇරැඹූහ.