රුහුණු ක්‍රීඩිකාවන්ට සජිත් ප්‍රේමදාස උපහාර දක්වයි


මලල ක්‍රීඩාවෙන් මෙරටට කීර්තියක් ගෙන ආ හම්බන්තොට, සූරියවැව නිමාලි ලියනාරච්චි, ගයන්තිකා තුෂාරි අබේරත්න ක්‍රීඩිකාවන් දෙදෙනාට කොළඹ දිස්ත්‍රික්කයෙන් නිවාස දෙකක් නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් පිරිනැමිණි.

නිමාලි ලියනාරච්චි මෙම වසරේ ඉන්දියාවේ පැවති ආසියාතික ක්‍රීඩා උළෙලේදී මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කමත්, මීටර් 400 සහය දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කමත් හිමිකරගත් අතර ඊට පෙර ද ඇය මලල ක්‍රීඩා ඉසව්වලින් ජාත්‍යන්තර ජයග්‍රහණ කිහිපයක් හිමිකර ගත්තාය.

සූරියවැව සුරුවිරුගම පදිංචි ගයන්තිකා තුෂාරි අබේරත්න ක්‍රීඩිකාව 7 වැනි දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී මීටර් 800 ඉසව්වෙන් හා මීටර් 1500 ඉසව්වෙන් දෙවැනි ස්ථාන ඇතුළු ජයග්‍රහණ ලබා තිබේ.

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම ඇතිව අඟුලාන, සයුරුපුර මහල් නිවාස සංකීර්ණයෙන් රුපියල් ලක්ෂ 45 ක් පමණ වටිනා නිවෙස් මොවුන්ට ලබාදුන් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසයි.

unnamed-(1) unnamed