වෙනත් වසර වල දි මැයි ජුනි මාස තුල දි බලපාන නියං සමය රුහුණූ පළාතට කල් තියාම පැමිණ තිබේ.
නිසි අයුරින් ලැබිය යුතු වැසි නොලැබී යෑම මත මේ වන විට දිවා හා රාති‍්‍ර කාලය පුරාම ඌවේ හා දකුණේ දැඩි උෂ්ණයක් පවති.
පරිසර හානි හේතුවෙන් ගස් වැල් වියළි යෑම මත දේශගුණ විපර්යාසයන් සිදුවෙමින් පවතින මෙම කාල සිමාවේ දි මිනිසාට මෙන්ම වනයේ වන සතාටද මෙම නියං සමය දැඩි පීඩාවක් ගෙන දෙමින් පවති.
වන සතුන් ජලය ඇති ස්ථාන තුළ දවසේ වැඩි කාලයක් ගත කරමින් සිටින අතර සිය කෑම පවා මඟ හරින අලි ඇතුන් ජලය ඇති ස්ථාන තුළ රැදි සිටිමින් දැඩි පිපාසය සංසිදවා ගනිති.
මිනිසුන් වෙනදාට වැඩියෙන් දිය නා ගන්නා අතර තැඹිලි, සිසිල් බීම, පානිය ජල බෝතල් පානය කිරීම මේ දිනවල ඉහළ ගොස් ඇති බව වෙළෙන්දෝ පවසති. මෙයට අමතරව කතරගම හා තිස්සමහාරාම වැනි ප‍්‍රදේශවල සිටින හා වන්දනාවේ පැමිණෙන ජනයා සිය උෂ්ණත්වය අඩු කර ගැනීම පිණිස වැව් වල හා ගං තුළ වැඩි කාලයක් ගත කිරීමට හුරුව තිබේ.

![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/212.jpg)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/312.jpg)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/512.jpg)
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/611.jpg)
![IMG_0540[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_05401.jpg)
