ගාල්ල දෙවටේ දී කාරයක් වෑන් රථයක හැපී විසිවීගොස් යතුරුපැදියක වැදීමෙන් එහි සිටි මව, පියා හා දියණියත් කාරයේ පැමිණි වෛද්‍යවරයාත් කරාපිටිය රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලිසිය කියයි. රෝහල්ගත කළ වෛද්‍යවරයා රුහුණ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු බව කරාපිටිය රෝහලේ වෛද්‍යවරු හඳුනාගෙන ඇත.



