රුහුණ දින නියමයක් නැතිව වහයි


රුහුණ විශ්ව විද්‍යාලයයේ වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නැතිව අද සිට වසා එය සිසුන්ට තහනම් කළාපයක් බවට පත් කර ඇත.

දැයට කිරුළ ප්‍රදර්ශනය වැල්ලමඩම සරසවි ගොඩනැගිලිවල පැවැත්වීමට එරෙහිව සිසුන් දක්වන විරෝධය ඉවත් කළ යුතු යැයි කියමින් නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය මහතාගේ සහායෙන් පෙර දින පිරිසක් උද්ඝෝෂණයක් ද පැවැත්වූහ.

එම උද්ඝෝෂණය නිසා ගොඩනැගිලිවල සිර වී සිටි සිසුහු පොලිස් ආරක්ෂාව මැද අද බස්වලින් ඉවතට ගෙන ගම් බිම් බලා යෑමට ඉඩකඩ සැලසූ බව පොලිසිය පවසයි.