එංගලන්තයේ වේල්ස් ප්‍රාන්තයේ ඇබර්ණන්ට් ප්‍රථමික පාසලේ රුසිරු තරාණ කොඩිතුවක්කු විසින් රචිත " මගේ විශ්වය" නම් වූ කෘතිය එංගලන්තයේ ප්‍රධාන පොත් සමාගමක් විසින් මුද්‍රණය කොට බෙදා හැර තිබේ.
එකොළොස් හැවිරිදි රුසිරුගේ කුළුඳුල් කෘතිය දොරට වැඩීමේ උත්සවයක් එම පාසලේදී සංවිධානය කර තිබුණි. එම උත්සවයේ ආරාධිත දේශනය පැවැත්වූ වේල්ස් ප්‍රාන්තයේ සුප්‍රකට ලේකඛයෙකු හා කවියකු වන මයික් ජෙන්කින්ග්ස් රුසුරුගේ රචනා විලාශයට තමන් ඇලුම් කරන බවත් කවියෙකු, නිබන්ධකයෙකු හා චිත්‍ර ශිල්පියෙකු ලෙස ඔහුට බොහෝ දුර ගමනක් යාමට හැකියාවක් තම මුල් කෘතියෙන් පෙන්නුම කර ඇති බවත් පැවසුවේය.
රුසිරු චිත්‍ර ඇඳීම ආරම්භ කළේ යාන්තමින් පැන්සලක් ඇල්ලීමට හැකියාව ඇතිවූ දවසේ පටන් බවත් මුල්ම කවිය ලිවේ වයස අවුරුදු 6 දී බවත් ඔහුගේ මව මදාරා සරසි කොඩිතුවක්කු පැවසුවාය.
කුඩා කලසිටම විශ්වයේ ඇති චමත්කාරය පිළිබඳව ඔහු ඇල්මක් දැක්වු බව පවසන රුසිරු ලද හැම අවස්ථාවකම ඒ පිළිබඳ තොරතුරු අඩංගු ලිපු ලේඛන හා පොත පත කියවීමට ආශා කළ බව ද ඕ කීවාය.
1969 ජුලි 21 නීල් ආම්ස්ට්‍රෝන් සමඟ ඇපොලෝ 11 අජටාකාශ යානයෙන් සඳ මතට ගමන්කළ එඩ්වින් ඔල්ඩ්රින් ලන්ඩන් නුවර සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ ඔහු මුණ ගැසීමට අවස්තාවක් ලැබීම තමාගේ එක සිහිනයක් සැබෑ වීමක් බව රුසිරු කියයි.
ඔහුගේ චිත්‍ර, කවි සහ කෙටි කතා කිහිපයක්ම මිට පෙර පුවත්පත් සහ සඟරා වල පලවී ඇත.








