රුසියාවේ 1000 ට තුවාලයි


රුසියාවේ උරාල් ප්‍රාන්තයේ චෙලියබින්ස්ක් නගරයට ඉහළ අහසේ උල්කාපාතයක් පිපිරීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 1000 ක් පමණ වන බවත් 44 දෙනකු රෝහල්ගතවී සිටින බවත් රුසියා රජය පවසයි. විද්‍යාඥයන්ගේ ගණනය කිරීම් අනුව ටොන් 10 ක් පමණ බරැති මීටර දෙකක් පමණ පළලැති උල්කාපාතයක් මෙලෙස පුපුරාගොස් තිබේ. පැයට කිලෝ මීටර 54,000 ක පමණ වේගයකින් පෘථිවි වායුගෝලයට ඇතුළු වූ උල්කාපාතය ගිනිගෙන දැවී පොළොවට කිලෝ මීටර 30-50 ත් අතර දුරක් තිබියදී පුපුරාගොස් තිබේ. ඉන් පසු එය උල්කාපාත වර්ෂාවක් සේ පොලෙවට පතිත වී ඇත. වර්ග මීටර 600 ක පමණ ප්‍රදේශයක පිහිටි ගොඩනැගිලි  සහ සින්ක් කර්මාන්තශාලාවකට දැඩි අලාභහානි සිදුව ඇත. පිපිරීමත් සමගම ඇතිවූ කම්පන තරංග හෝතුවෙන් බොහෝ ගොඩනැගිලිවල  වීදුරු ගැලවී විසි වී ගොස් ඇති අතර හිම වැටී ඇති මෙම ප්‍රදේශයේ උෂ්ණත්වය ෆැරන්හයඩ් අංශක 15-18 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.