රුසියාවයි චීනෙයි ලංකාවට අත දෙයි


ශ්‍රි ලංකාව හා චීනය අතර  මිතුදම 1952 වසර දක්වා පැරණිය.  එම වසරේ දී  රබර් සහල් ගිවිසුම් මගින්  දෙරට අතර  මිත්‍රත්වය ඇතිවිය. 2008 සිට චිනය සමඟ අපනයන ගනුදෙනු කරන ආසියාවේ රටවල් 8 ක් අතුරින් ශ්‍රී ලංකාව ද සිටියි.

දෙරට අතර  ආනයන හා අපනයන කටයුතු තවත් පුළුල්  කර ගැනීමට  මෛත්‍රීපාල සිරිසේන හා ෂි ජිං පිංග් ජනපතිවරු ඉන්දියාවේ ගෝවේ නගරයේ දී  සාකච්ජා කළහ.  

මේ අතර මෛත්‍රීපාල සිරිසේන ජනපති රුසියා ජනපති ව්ලැඩ්මියර් පුටීන්  මහතා ද හමු විය.

එක්සත් ජාතීන්ගේ මාවන හිමිකම් කොමිසමේ දී  රුසියාව  ශ්‍රී ලංකාවට කොන්දේසි  විරහිතව දැක්වු සහය මහත් සේ පැසසුමට ලක් කළ සිරිසේන මහතා  දෙරට  අතර  මිත්‍රශීලි සබඳතා  වර්ධනය කිරිමට  කටයුතු කරන බව කිවේය.