රුසියානු ජාතිකයාට පහරදුන් ධීවරයා අත්අඩංගුවට


(ඉන්දිකා  රාමනායක)

වැලිගම සුපිරි වෙළඳසැලක පෝලිමෙන් පැන මත්පැන් ලබාගත් බව කියන රුසියානු ජාතිකයෙකු ට  විදුරු බෝතලයකින් පහර  දී  තුවාල සිදුකළ ධීවරයකු   අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.

පහරදීමෙන් තුවාල ලැබූ රුසියානු ජාතිකයා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

(32) හැවිරිදි මෙම රුසියානු ජාතිකයා  මත්පැන් බෝතලයක් මිලදී ගැනීම සඳහා වැලිගම නගරයේ සුපිරි වෙළද සැලකට ගොස් ඇති බවත්, එහිදී ඔහු පෝලිමේන් පැන  මත්පැන්   බෝතලයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පෝලිමේ සිටි ධීවරයකු ඔහු  සමග බහින්බස් වීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.

එම බහින් බස් වීම අතරතුර රුසියානු ජාතිකයා ධීවරයාට  පහරක් එල්ල කර ඇති බවත්, එහිදී ධීවරයා ඔහුට  වීදුරු බෝතලයකින් පහරදී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.