රුසියන් ජනපති පුටින් ඉන්දියාවට


(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාව සහ රුසියාව අතර තිබෙන හවුල්කාරීත්වය තවත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙදින නිල සංචාරයකට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද පස්වරුවේ ඉන්දියාවට පැමිණියේය.

වෙළඳාම, ආරක්ෂක, බලශක්තිය සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍රයන්හි රුසියාව සහ ඉන්දියාව අතර පවතින හවුල්කාරිත්වය ශක්තිමත් කර ගැනීම රුසියානු ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරයේ අරමුණ විය.

ජනපති පුටින්ගේ ඉන්දියානු සංචාරය ඉතා වැදගත් එකක් ලෙස ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබුණේය.

නූතන ඉතිහාසයේ ස්ථාවරම හවුල්කාරිත්වයන්ගෙන් එකක් ලෙස රුසියාව සහ ඉන්දියාව අතර තිබෙන හවුල්කාරීත්වය හැඳින්වෙන බවත් ජනාධිපති පුටින්ගේ දෙදින නිල සංචාරයේදී දෙරට ආධාර තිබෙන වෙළෙඳ සහ ආර්ථික හවුල්කාරීත්වය තවත් පුළුල් කර ගැනීමට ප්‍රමුඛතාවය ලැබෙනු ඇති බවත් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

එසේම සංචාරය තුළදී ගිවිසුම් කීපයක් පිළිබඳව අවසන් වටයේ සාකච්ඡා සිදු කෙරෙනු ඇති බවද එම නිලධාරියා පැවැසුවේය.

එසේම දෙරට අතර තිබෙන වෙළෙඳ හිඟය අවම කර ගැනීමට ඉන්දියාව සහ චීනය කටයුතු කරමින් සිටින බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය.