රුසියන් ගුවන් යානය ඊජිප්තුවේදී අනතුරකට ලක්වෙයි


ඊජිප්තුවේ සිට රුසියාවේ පීටර්ස්බර්ග් ගුවන්තොටුපොළ දක්වා පියාසර කළ මගීන් 224 ක් රැගත් රුසියන් ගුවන් යානයක් ඊජිප්තුවේ මධ්‍යම සිනායි ප්‍රදේශයේ දී අතුරුදන්ව ඇතැයි රුසියන් මාධ්‍ය සඳහන් කරයි. එයාර් බස් ඒ 321 එම ගුවන් යානය ඊජිප්තුවේ ශාර්ම් අල් ෂෙයින් ජාත්‍යාන්තර ගුවන් තොටුපොළෙන් ගුවන් ගත වී ඇති අතර යානය මිනිත්තු 34කට පසු රේඩාර් පද්ධතියෙන්  ඉවත් වූ බව ගුවන් තොටුපොළ ආරංචි කියයි. ඊජිප්තුවේ රුසියන් තානාපති කාර්යාලයට අනුව එහි මගීන් සියලුම දෙනා රුසියානුවන් බවත් ඒ අතර කුඩා දරුවන් 17 දෙනකු සිටි බවත් සඳහන් වේ.

408