රුවන්වැලියේ හුණු පිරියමට හුණු ටොන් 10ක්


අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි චෛත්‍ය රාජයාගේ වාර්ෂික සුදු හුණු පිරියම් කිරීම අරඹා ඇත.

හුණු ටොන් 10ක්, උණ ගස් 650ක් හා කොහු ලණු හොන්ඩර දෙකක් යෙදවා කරනු ලබන මේ පිරියම සඳහා මිනිස් ශ්‍රම 1500කට අධිකව සහ මාස එක හමාරක් පමණ අවශ්‍ය වෙයි.

මහා බාරකාර දෙපාර්තමේන්තුව හා පරිත්‍යාගශීලීහු මෙහි බරපැන දරති.