රුවන්වැලි සෑය දෙවැනි තැනට දාන්න රජය සැරසෙනවා


ථේරවාද බුදු දහමේ කේන්ද්‍රස්ථානය අනුරාධපුර මහා විහාරය යැයි ද එහි සංකේතය වන  රුවන්වැලි සෑය අභිබවා  තවත් දා ගැබක් කවුරුන් හෝ ඉදිකරනවා නම් එය වෛතුල්‍යවාදය යැයි ද එසේ කරන්නා විනාශයට පත්වනවා යැයි ද විපක්ෂ නායක හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේදී අද පැවැසීය.

මහා විහාරය කඩා මහසෙන් රජු ජේතවනාරාමය ඉදිකළා.  රුවන් වැලිසෑයට ඉහලින්  ඒ දාගැබ ඉදිකළ නිසා මහසෙන් රජුගේ මහා ඇමැති අභය ඔහුට එරෙහි වුණා. චෝල ඇමැති මරා දැමුනා.  පරාක්‍රම බාහු රුවන්වැලි සෑයට ඉහලින් දාගබැක් සෑදිමට ගියේ නැහැ. ඕලන්ද කාලයේවත් එහෙම කළේ නැහැ. සුද්දන් පල්ලියක්වත් හැදුවේ නැහැ.  කාලිංග මේඝවත් එවැනි දෙයක් කළේ නැහැ. දැන් වෛතුල්‍යවාදය රටට ගෙනල්ලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රුවන්වැලි සෑයටත් වඩා ලොකු දාගබැක් අනුරාධපුරයේ හදා දුටුගැමුණු රජුටත් වඩා ලොකු මිනිසෙක්ය කියා කියන් හදනවා. මේ වෛදතුල්‍ය වාදය පරදවා මහා විහාරය ආරක්ෂා කිරීම අපේ ප්‍රධාන කාර්ය බව විපක්ෂ නායකවරයා අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික බල මණ්ඩල රැස්වීමට අමතමින් එසේ පැවැසීය.