ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහත්වරු අද (13) උදේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් සිදු කර ගංගාරාමාධිපති කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ඤාණීස්සර නාහිමියන්ගෙන් ආශිර්වාදය ලබා ගත්හ.ඤාණිස්සර නාහිමියෝ(පොඩි හාමුදුරුවෝ) ස්වර්ණමය බුදු පිළිම වහන්සේලා නව ඇමැතිවරුන් දෙපළගේ හිස මත තබා සෙත් පැතූහ.




