
(අංජුල මහික වීරරත්න)
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දේශගුණික විපර්යාස සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳ ඉහල පෙලේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී ලෝක බැංකු සමූහයේ දේශගුණික හා සංවර්ධන වාර්තා (CCDRs) කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන කෙරිණි.
හරිතාගාර වායු (GHG) විමෝචනය අවම කිරීම සහ පුළුල් සංවර්ධන ඉලක්ක වෙත පරිවර්තනය වීමට ගන්නා ක්‍රියාමාර්ග වලදී ශ්‍රී ලංකාවට උපකාර කරන බව ලෝක බැංකු නියෝජිතයෝ සඳහන් කළහ.
ලෝක බැංකුවේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ දේශීය කළමනාකරු චියෝ කන්දා මෙනවිය, ලෝක බැංකුවේ දකුණු ආසියාවේ තිරසාර සංවර්ධන කලාපීය අධ්‍යක්ෂ ජෝන් රූම්, Min Env හි ලේකම් ජෝන් රූම් මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.


