රුවන්ගේ ලේකම් කිත්සිරි


ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ඒ පී ජි කිත්සිරි මහතා අද (09)   වැඩභාර ගත්තේය.

කිත්සිරි මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 30 ක  සේවාකාලයක් ඇති විශේෂ ශ්‍රේණියේ   නිලධාරියෙකි.

සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස්,  ප්‍රාදේශීය ලේකම්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශ  ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, සමූපකාර සංවර්ධන කොමසාරිස් සහ සමූපකාර සමිති රෙජිස්ටාර්, සමූපකාර හා වෙළද අමාත්‍යංශයේ  අතිරේක ලේකම් සහ ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් හා වැඩබලන ලේකම් ලෙස ද ඔහු සේවය කළේය.

පොළොන්නරුව, මැදිරිගිරිය, දිවුලංකඩවල මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු, පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබදව විශේෂ උපාධියක්ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරන පිළිබද පශ්චාත් උපාධි ආයතනයෙන් කළමණාකරණය පිලිබඳ පශ්චාත් උපාධියද, කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ආයතනයෙන්   තොරුතුරු තාක්ෂණ පිළිබද පශ්චාත් උපාධිය ද දිනා ගත්තේය.   

kithsiri-2-2015-09-11 kithsiri-2015-09-11