
(අංජුල මහික වීරරත්න)
දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ චයිනා හාබර් සමාගමේ සභාපති ලින් යිචොං මහතා ඇතුළු නිලධාරීන් අතර හමුවක් චීනයේ දී පැවැත්විණි.
චයිනා හාබර් සමාගම කොළඹ වරාය නගරයේ මව් සමාගමයි.චයිනා හාබර් ආයතනය අයත් වන්නේ චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගමට (සීසීසීසී) වන අතර ලෝකයේ වඩාත්ම බලගතු සමාගම් 500 අතර මෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම් වල අංක 61 වන ස්ථානයේ අදාල සමාගම සිටී.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පස් දෙනකුගෙන් සමන්විත එජාප නියෝජිත කණ්ඩායමක් චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ආරාධනයකට අනුව චීනයේ සංචාරයක් සඳහා සහභාගී වී සිටිති.

