රුවන් ‘විරුසර‘ පත් බෙදයි


රණවිරු සේවා අධිකාරිය මගින් රණවිරුවන් සඳහා නිකුත් කරන ‘විරුසර‘ කාඩ්පත් බෙදාදීමේ දෙවැනි අදියර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) අනුරාධපුර ‘ගජබා‘ රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

එහිදී ආබාධිත රණවිරුවෙක් ද මිය ගිය රණවිරුවකුගේ බිරියක ද ‘විරුසර‘ කාඩ්පත් විජයවර්ධන මහතා අතින් ලබාගත්හ.

රණවිරු සේවා සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය ද පැමිණි සිටියාය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයක් අනුව මේ වැඩපිළිවෙළ ඇරඹිණි.

ruwan_201622899 ruwan_201622899-2 ruwan_201622899-4 ruwan_201622899-6 ruwan_201622899-7 ruwan_201622899-32 ruwan_201622899-52