පොලිසිය අමානුෂික ලෙස පහර නොදෙන බවත්, එලෙස දෙනවා නම් එය අනුමත නොකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (29) පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔවුන් මගින් සාක්කි සොයා ගැනීමේ ක්‍රමය අතහැර දැන් පොලිසිය සිදු කරන්නේ සාක්කි සොයා ගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක එසේ ප්‍රකාශ කළ ද කොටදෙනියාව සිදුවීමේ දී පොලිසිය ගම්වැසියන් නිරපරාදේ අත්අඩංගුවට ගත් බවට මානව හිමිකම් කොමිසමට සහ පොලිස් කොමිසමට පැමිණිලි කිහිපයක් ලැබී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් පහර දීම් ගැන මාධ්‍ය සාකච්ඡාව අවසන් කර සුළු වේලාවක් යද්දී විරෝධතා පැවැත් වූ අන්තරේ සිසු සිසුවියන්ට පොලිස් ප්‍රහාරයක් එල්ල විය. සිසුවියන්ට ද එළව එළවා පහර දුන් බව අන්තරය කියයි.
පසුගිය දිනවල පළවූ පොලිස් අත්අඩංගුවේ පසුවූ පුද්ගලයින්ට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීම් පිළිඹද වාර්තා වැඩිදුර අධ්‍යනය කිරීම සඳහා පසුගිය වසර 10 ක කාලයේදී පොලිස් නිලධාරීන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරා ඇති නඩු පිළිබද වාර්තාවක් ලබාගැනීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා අද (29) පොලිස් මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී කීය.
එම වාර්තාවට අනුව 2011 වසරින් පසු සමස්තයක් වශයෙන් පොලිස් නිලධාරීන්ට අධිකරණය හමුවේ පවරා ඇති නඩු වල අඩුවක් දක්නට ඇතැයිද ඒ මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියේ සඳහන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩු පිළිඹද විස්තර.
| වර්ෂය | වාර්තාවූ නඩු සංඛ්‍යාව | පොලිස් නිලධාරීන් වරදකරුවන් වූ වන්දි ගෙවීමට නියෝග ලබාදී ඇති නඩු සංඛ්‍යාව | පොලිස් නිලධාරීන් නිදහස්වූ නඩු සංඛ්‍යාව | දැනට විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව |
| 2006 | 27 | 04 | 19 | 04 |
| 2007 | 47 | 05 | 38 | 04 |
| 2008 | 48 | 01 | 44 | 03 |
| 2009 | 33 | 01 | 23 | 09 |
| 2010 | 43 | 01 | 26 | 16 |
| 2011 | 90 | - | 12 | 78 |
| 2012 | 37 | - | 12 | 25 |
| 2013 | 16 | - | 08 | 08 |
| 2014 | 30 | - | 08 | 22 |
| 2015.10.25 වන දිනට | 22 | - | - | 22 |
(වීඩියෝ ගයාන් අමරසේකර)



