
(රොමේෂ් මධුෂංඛ)
යාපනය වෙත්තලකේනි මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 63 කට අධික වටිනා කේරල ගංජා කිලෝ 213 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් වෙත්තලකේනි මුහුදු තීරයේ දී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය වීමෙන් පසුව අදාල යාත්‍රාව පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇති අතර එහිදී ගංජා බෑග් 8 ක් තුළ පාර් සල් 98 ක කේරල ගංජා තොගය අසුරා තිබුණි.
එහිදී ඩිංගි යාත්‍රාව හා යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.
කේරල ගංජා තොගයන් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු මුහුදු තීරයට රැගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත් වූ බවට නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36 ත් 41 ත් වයස්හි පසුවන අතර ඔවුන් යාපනය උඩුතුරෙයි හා අලියාවරෙයි යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් හා කේරල ගංජා වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පලෙයි පොලිස් ස්ථානය වෙතට බාර දීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.



