අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, පොළොන්නරුව දිස්ත්‍රික්කවල වෘත්තීය පුහුණු කටයුතු සඳහා රුපියල් බිලියන 1.6ක මූල්‍යාධාරයක් ඕස්ට්‍රේලියා රජය ලබාදීමට තීරණය කර ඇති අතර ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම අද (11) කොළඹ ඕස්ට්‍රේලියා හවුස් හිදී පැවැත්විණි.
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ලේකම් පී.රණේපුර මහතා සහ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතා ගිවිසුමට අත්සන් තැබූහ.




