රුපියල් 20 දක්වා මිල අඩුකළ ලොතරැයි වෙළඳපොළට නිකුත් කිරිමට තව දින 7 ත් 10 ත් අතර කාලයක් ගතවන බව ජාතික ලොතරයි මණ්ඩලයේ සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා මහත්මිය පවසයි.
ලබන 31 වැනි දා දක්වා දිනුම් ඇදීමට නියමිත රුපියල් 30ට මිල සඳහන් ලොතරැයි පත් මිලියන 20 ක් මුද්‍රණය කර තිබෙන බවත් ඉන් මිලියන 11 ක් මේවන විට වෙළඳපොළට නිකුත් කර තිබෙන බවත් ඇය සඳහන් කළාය.

