රුපියල තවත් පහළට


ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ පහළම අගය අද (9) වාර්තා කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (9) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 172.34 ක් ලෙස සටහන් විය.

රුපියලේ අගය මේ දක්වා සියයට 11 කින් අවප්‍රමාණය වී තිබේ.

(28535)