රුක්ෂානා අලුත් වැඩක් පටන් අරගෙන


2016-12-13-ent-100

ලක්‍ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ ‘ආදරේ සුවඳ අරන්’, ක්‍රිෂ්ටි ෂෙල්ටන් මහත්මයාගේ ‘මතු සම්බන්ධයි’ හා සුදත්ත තිලකසිරි මහත්මයාගේ ‘මයාවී’ ටෙලි නාට්‍යය හරහා මේ දිනවල ඔබ දකින රුක්ෂානා දිසානායක මේ දිනවල අලුත් වැඩකට මුල පුරා තිබෙන බව සඳහන් වේ. මේ පිළිබඳව අපි රුක්ෂානා සම්බන්ධ කරගෙන මෙසේ තොරතුරු විමසුවෙමු.

“ඔව්, මගේම කියලා නර්තන ඇකඩමියක් පසුගිය දිනෙක පටන් ගත්තා. තැන තමයි ගොඩගම. බ්‍රහස්පතින්දා දිනයේ තමයි මේ ඇකඩමිය විවෘතව තියෙන්නේ. අ.පො.ස උසස් පෙළ හා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට නිර්දේශ නර්තනයන් මෙහි උගන්වනවා. ඒ වගේම නර්තනයට කැමති වැඩිහිටි හා කුඩා ඕනෑම කෙනෙකුට මේ ඇකඩමියට සම්බන්ධ වෙලා නර්තනය ගැන වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්. මේ සම්බන්ධ වැඩි විස්තර 0771-266260 හා 0712-604605 අංක හරහා මාව සම්බන්ධ කරගත්තොත් දැනගන්න පුළුවන්.”