රියලිටි තරුමාවතේ බිහිවූ තරු අදටත් නිර්මාණ කරනවාද?
ක්ෂේත්‍රය තුළ දකින්නට ලැබෙනවාද යන්න බොහෝ දෙනාට අද ප්‍රශ්නයක් වී ඇත. කෙසේ නමුත් රියලිටි තරුමාවතේ ආකර්ෂණය ලබාගත් ගායකයෙකු වන රුක්මන් අසිතට අදටත් ඔහුටම වෙන් වූ රසික පිරිසක් සිටිති. ඔහුගේ නවතම ගීතය වන "රිදවාලා හැරගියත්" ගීතය නිසා නැවතත් ඔහු කතාබහට ලක්ව තිබේ. මෙවර තරුණයා "New Release on Youtube" ඔස්සේ ඔහුගේ එම ගීතය ගෙන එන්නෙමු.
රුක්මන් මීට පෙර කළ "ත්‍රී විල් සිංදුව", "චංචලයි" ගීතවලට ඉහළ රසික ප්‍රතිචාර හිමිවුණු අතර, ඔහුගේ %රිදවාලා හැරගියත්^ ගීතය නව පෙරළියක් ඇති කළ ගීතයක් ලෙස හැඳින්විය හැක.
රිදවලා හැරගියත්
සිත තව ඇත්තේ ඔබගේ නමින්
මේ වදන් පෙළ අද බොහෝ විට සමාජ වෙබ්අඩවි පුරා දකින්නට ලැබෙන්නේ මේ ගීතයට ඇති ජනප්‍රියත්වය නිසාමය. මෙය විරහව සම්බන්ධයෙන් ලිබැවුණු ගීතයක් වන අතර, මෙහි ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුව මෙහි රූපරචනාව බව කිව යුතුය. අජිත් කුමරතන්ත්‍රි විසින් ලියන ලද මෙය රුක්මන් අසිත විසින් ගායනා කරන අතර, වෙනස්ම ආකාරයේ ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය.
එළිදැක්වූ දිනය
- 2017 ජනවාරි 26
ගායනය
- රුක්මන් අසිත
පදරචනය
- අජිත් කුමාරතන්ත්‍රි
සංගීතය
- ඉසුරු වික්‍රම



