ජාතික රුක් රෝපණ දිනය නිමිත්තෙන් ගිනිසීරියා පැළ කෝටියක් සිටුවීමේ වැඩසටහන මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයෙන් අද (21) ආරම්භ කැරිණි.
කන්තලේ වන රක්ෂිතයේ කළුවර පැළයක් සිටුවා රුක් රෝපණය සංකේතවත් කළ ජනපති පාසල් දරුවන්, පොලිසිය, ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බළකායේ හෙක්ටයාර් දෙකක පැළ 2000 ක් සිටුවීමේ වැඩසටහනට ද එක්විය.
විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, සුසන්ත පුංචිනිලමේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරු එයට සහභාගී වුහ.