රිසානා හිටියානම් අදට 25 යි


සිව් මස් බිළිඳකු මරා දැමීයැයි චෝදනා කර සෞදි රාජ්‍යයෙන් ගෙල සිඳ ඝාතනය කළ රිසානා නෆීක්ගේ උපන් දිනය අදට යෙදී ඇත.

මූතුර් සාපිනගර් හි 1988.02.04 දින ඇය ඉපදිණි.

ත්‍රිකුණාමලයේදී  අද පැවැත්වෙන 65 වැනි ජාතික නිදහස් උළෙල ට සහභාගී වන්නැයි සංවිධායකයින් රිසානාගේ  පවුලේ අයට ද ආරාධනා කර ඇත. මෙවැනි උත්සවයකට සහභාගීවීමට තරම් සුදුසු මානසිකත්වයක් නොමැති හෙයින් තමන් එම ආරාධනාව ප්‍රතික්ෂේප කළ බව රිසානාගේ මව වන සෙයියදු අහමදු රිසිනා කීවාය. අවුරුදු   හයක් වැඩියෙන්  යොදා ඇය සෞදි අරාබියේ රැකියාවට යවන විට ඇගේ වයස අවුරුදු 17 කි.

ශිරන්ති රාජපක්ෂ ජනපති ආර්යාව තෑගිබෝග ද රැගෙන රිසානාගේ පැල්පතට ගියාය. ඇගේ මරණය ගැන දැඩි සේ සංවේගය පළ කළ ජනපති ආර්යාව රිසානාගේ සහෝදරියට රැකියාවක් දීමටත් ඔවුන්ගේ ආරථික දියුණුව සැලසීමටත් ඉදිකැරගෙන යන නිවසේ වැඩ කඩිනම් කරන බවත් කීවාය.