රිෂාඩ් බදුයුදීන් හැංගිලා ඉන්නේ වැරදි තියෙන නිසයි


(රංජිත් රාජපක්ෂ )
 
රිෂාඩ් බදුයුදීන් හිටපු අමාත්‍යවරයා නීතිය හමුවේ සැඟව සිටින්නේ ඔහු සතොස අමාත්‍යවරයා ලෙස සිටි කාලයේ රටේ ජනතාවගේ මුදල් බිලියන ගණනකට වගකිවයුතු නිසා බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.  

 ‘රිෂාඩ් බදුයුදීන්ට දාලා තියෙන්නේ පොඩි නඩුවක්.  ඕක නෙවෙයි දාන්න ඕනි නඩුව. සතොසේ හාල්, සිනි ගෙනාපු බිලියන ගණන් වංචා තියෙනවා.ඔහු දඩුවම් ලැබිය යුත්තේ පාස්කු ප්‍රහාරයට විතරක් නෙවෙයි. බිලියන ගණන් වංචා කරපු සිද්ධියන් වලට ඉදිරියේදි නීතිය ක්‍රියාත්මක වෙයි.‘ යයිද මහින්දානන්ද අලුත්ගමගේ  මහතා පැවසීය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා එ බැව් කියා සිටියේ (17)  දින ගඟ ඉහල කෝරලයේ ප්‍රාදේශිය සභාව යටතේ පාලනය වන මහජන පුස්තකාලය සහ තොරතුරු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරිමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.
 
 ‘රිෂාඩ් බදුයුදීන් අත්අඩංගුවට ගැනිමට කටයුතු කරමින් සිටිනවා නමුත් ඔහු සැඟවි සිටිනවා.
 
‘ පසුගිය කාලයේ විපක්ෂයේ ඉන්නකොට අපිවත් අත්අඩංගුවට ගන්න කටයුතු කලා නමුත් අපි හැංගුනේ නැග බය වුණේ නෑ. සිරගෙවල් වලට ගියා.  තමන් වැරද්දක් කරලා නැත්තම් හැංගෙන්න ඕනි නෑ. වරදක් කරලා තියෙන නිසා තමයි මෙහෙම හැංගිලා ඉන්නේ‘

 ‘පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චුදිතයෙක් යයි කියන රියාජ් බදුයුදීන්,  ඒ කියන්නේ රිෂාඩ් බදුයුදීන්ගේ සහෝදරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මගින් නිදහස් කරලා තියෙනවා,  මේක නිති විරෝධි ලෙස තමයි ආණ්ඩු පක්ෂය හැටියට අපි දකින්නේ . ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් 100 දෙනෙකු අත්සන් කරන ලද ලිපියකින් අපි ජනාධිපතිතුමාට දැනුම් දුන්නා මේ පිලිබදව පරික්ෂණයක් පවත්වන ලෙසත් නැවතත් ඔහු අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන ලෙසටත්.
 
 ‘මේ වන විට ඒ පිලිබඳව පරික්ෂණ පැවැත්වෙනවාග  අපි විශ්වාස කරනවා ඔහුව ඉදිරියේදි අත්අඩංගුවට ගනි කියලා.  ඒ වගේම ඔහුව නිදහස් කළ අයට එරෙහිව නිතිමය පියවර ගනී කියලත් අපි බලාපොරොත්තු වෙනවා  ‘
 
අපිට කිසිසෙත් 20 වෙනි සංශෝධනය සම්මත කර ගන්න රිෂාඩ් බදුයුදීන්ගේ ජන්දය අවශ්‍ය නැ. කිසිසෙත් ඔහුගේ ජන්දය අපි ගන්නෙත් නෑ අවශ්‍යත් නෑ යනුවෙන් ද කෘෂිකර්ම ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.