රිෂාඩ් පාර්ලිමේන්තු රැස්වීමට ගෙන්වා ගන්න අවසර


 

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට අද (22) සහ හෙට (23) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වීමට අවසර ලබාදී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ (21) පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ දී මෙම තීරණය ගනු ලැබ තිබේ.

රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී කර ගන්නා ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු  කතානායකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.