
(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට රිලවුන් ලක්ෂයක් යැවීමට ගෙන ඇති තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්ව ආරක්ෂක සංවිධාන 30 ක් ගොනුකර ඇති රිට් පෙත්සම මෙම මස 26 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසිද නිකුත් කරනු ලැබ ඇත.
මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් අමාත්‍ය මණ්ඩලය නම් කරනු ලැබ ඇත.චීනයේ විද්‍යාත්මක පරීක්ෂණ කටයුතු සඳහා පෞද්ගලික සමාගමක ඉල්ලීම පරිදි මෙරටින් රිලවුන් ලක්ෂයක් යැවීමට ගෙන ඇති තීරණය නීතියට පටහැනි බව සඳහන් කරමින් එම තීරණය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කාර සංවිධාන මෙම පෙත්සම ගොනු කර ඇත.

