මීරිගම ඉදිපරපේ නිවසකට කඩා වැදුණු රිලවෙක් නිදා සිටි අවුරුදු හතරක් පමණ වයසැති දරුවකුගේ හිස සපා කා පලා යාම හේතුවෙන් ගැමියෝ කලබලයට පත්ව සිටිති. ඔවුන් පවසන්නේ රැලෙන් වෙන්වී තැන තැන හැසිරෙන රිලවා මිනිසුන්ට පහරදීමට තැත්කරණ බවයි.
රිලවා දරුවාගේ හිසේ පිටුපස සපා කා ඇතැයි වෛද්‍යවරු කියති. අධික ලේ වහනය හේතුවෙන් මිරිගම මූළික රෝහලේ සිට දරුවා වතුපිටිවල මූළික රෝහලට මාරුකැර යවනු ලැබීය. දරුවාගේ හිසේ පිටුපස රිලවාගේ උල් දත් ගැඹුරට කාවැදී ඇති බවත් දැනට බෙහෙත් යොදා ඇතත් ඉදිරියේ දී ශල්‍යකර්මයක් කිරීමට සිදුවනු ඇතැයි ද වෛද්‍යවරු කියති.

