සෞදි අරාබියේ නීති විරෝධී ලෙස රැදී සිටින අනවසර විදේශිකයින් සඳහා ලබා දී ඇති පොදු සහන කාලයට සමගාමීව සෞදි අරාබියේ සකාකා ප‍්‍රදේශයේ වෙසෙන අවතැන්වූ ශ‍්‍රී ලාංකිකයන් සඳහා තාවකාලික ගුවන් ගමන් බලපත‍්‍ර නිකුත් කිරීම පිනිස රියාද් තානාපති කාර්‍යාලයේ නිලධාරීන් මෙහෙයවන විශේෂ ජංගම සේවාවක් 29 දින පෙරවරු 9.00 සිට දවස පුරා පවත්වන බව රියාද් තානාපති නිලධාරීහු පවසති.
මෙම ස්ථානය පිහිටා ඇත්තේ සකාකා අල් අකරියා නැගෙනහිර ප‍්‍රදේශයේ රාජා අල් මුවයිශීර් මාවතේ ෆල්වර් හෝම් ඉදිරිපිට වෝල් සේල් හෝම් හි දෙවන මහලෙහි පිහිටි ‘දානත්‘ ආයතනයේ බව බලධාරීහු පවසති.
තාවකාලික ගමන් බලපත් ලබා ගන්නා සියළු ශ‍්‍රී ලාංකිකයින් තම ගමන් බලපත‍්‍රයේ වීසා පිටුවේ පිටපතක් හෝ අකාමා පිටපතක් සමග ගමන් බලපත‍්‍රයට අවශ්‍ය ප‍්‍රමාණයේ ඡායාරූප දෙකක් ද අනිවාර්්‍යයෙන්ම රැගෙන ආ යුතුය.
වැඩි විස්තර සඳහා 054-1277614 අමතන්න .