රියාද් කාර්යාලය 24 පැයේම වැඩ


අනවසර විදේශිකයන් සඳහා සෞදි අරාබියේ කම්කරු අමාත්‍යංශය මගින් ලබා  දී ඇති පොදු සමාකාලයේදී එරටින් පිටවීම සඳහා තාවකාලික ගමන් බලපත්‍ර කඩිනම්න් නිකුත් කරන බව තානාපති කාර්යාල ආරංචි කියයි. රියාද් තානාපති කාර්යාලයේ නිලධාරීන් එවැනි ශ්‍රී ලාංකිකයින් සඳහා දවසේ විසිහතර පැයේම ගමන් බලපත්‍ර නිකුත් කරන බව එම කාර්යාලයය පවසයි. මේ වන විට එවැනි බලපත්‍ර 3000ක් පමණ නිකුත් කර ඇත. සියයකට අධික ශ්‍රී ලාංකික පිරිසක් දැනටමත්  ශ්‍රී ලංකාව බලා පැමිණි බව තානාපති කාර්යාලය පවසයි. සිකුරාදා (17)  දිනයේ දී ගමන් බලපත්‍ර 600ක් නිකුත් කර තිබිණි. දමාම් කොබාර් අධිවේගී මාර්ගයේ ඇස්ටූන් රෝහල අසල ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසලේදී  එම කටයුතු සිදු කෙරේ. කෙසේ වුවද තානපති කාර්යාල  නිලධාරීන් දැනුම් දෙනතුරු නැගෙනහිර පළාතේ අනවසරයෙන් රැදී සිටින ශ්‍රමිකයන් විසා ලබා ගැනීමට නොයන ලෙස  තනාපති නිලධාරීන් දන්වා සිටී. නැගෙනහිර කලාප ආගමන විගමන කාර්යාලය වෙත රියාද් බලධාරින් ගෙන උපදෙස් නොලැබීම ඊට හේතුවයි.