
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රියදුරු බලපත්‍රය සඳහා අවශ්‍ය යෝග්‍යතා වෛද්‍ය සහතිකය ලබාගැනීමට 225 දුරකතන අංකය අමතා දිනයක් සහ වේලාවක් වෙන්කරවාගෙන පැමිණෙන ලෙස ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවින්ද්‍ර ගමගේ මහතා අද (25 වැනිදා) පැවැසීය.
මෙම 225 දුරකතන අංකය අමතා ‘ඊ චැනලින්‘ හරහා ස්වයංක්‍රීයව ලැබෙන උපදෙස් අනුව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ අංශය අමතා මෙහිදී අංකයක් වෙන් කරගත හැකි බව ඒ මහතා සහන් කළේය.
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නුගේගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලය ඇතුළු දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ පිහිටි ශාඛා කාර්යාල තුළින් මෙම සේවාව ලබාගත හැකි බවද හෙතෙම කීය.
ඒ සදහා දුරකථන අංක 225 අමතා දිනයක් හා වේලාවක් වෙන්කරවාගෙන පැමිණීම තුළ තමන්ට පෝලිම්වල රස්තියාදු නොවී, තැරැව්කරුවන්ගේ හිරිහැරවලින් තොරව සුළු වේලාවක් තුළදී වෛද්‍ය පරීක්ෂණ වලට පෙනීසිට එදිනම යෝග්‍යතා වෛද්‍ය සහතිකයද ලබාගෙන යාහැකි බවද සභාපතිවරයා පැවසීය.

