කොටහෙන් රියදුරු පාසලක ගුරුවරයකු මොනරාගල ප්‍රදේශයේ සිය සිසුවකුට රියදුරු බලපත්‍රය ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගැනීමට යාමේදී වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසලදී අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිසිය කියයි.
රියදුරු පුහුණු පරීක්ෂාව සිදුකරන නිලධරයාට ලබාදීමට බව කියමින් රියදුරු පාසල් ගුරුවරයා සිසුවාගෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කර ඇතැයි කියති.

