යුරෝපා සංගම් නියෝජිතයින් දිවයින මුළුල්ලේ දිස්ත්‍රික්ක 22ක මැතිවරණය පැවැත්වෙන ආකාරය නිරීක්ෂණය සඳහා කැඳවාගෙන යාමට හැකියාව ලබා දීමේ අරමුණින් යුරෝපා සංගමයෙන් පැමිණි එම මැතිවරණ නිරීක්ෂකයන්ගේ රියැදුරන් වශයෙන් කාර්සන්ස් රෙන්ට් අ කාර් පෞද්ගලික සමාගමෙන් අනුයුක්ත කළ රියැදුරෝ ආරක්ෂක රිය පැදවීමේ ක්‍රම භාවිතයෙන් අනතුරු වළක්වාගැනීමට සහ වාහන ආරක්ෂාව පිළිබඳ කෙටි පුහුණුවක් ලදහ.
යුරෝපා සංගමයේ නිරීක්ෂක දූත මෙහෙවරෙහි ආරාධනය පිට කොළඹ ගලදාරි හෝටලයේ දී පවත්වන ලද මෙම පුහුණු සැසියට සහභාගී වී අභිමතාර්ථ සහ ප්‍රමුඛතා රියැදුරන්ට පැහැදිලි කර දෙන ලද්දී ටී පෙරියන්පනායගම් මහතා විසිනි.
මහ මැතිවරණයටඑ පෙර පවත්වන ලද මෙම පුහුණුවේ උපදේශක ලෙස කටයුතු කළ ටී පෙරියන්පනායගම් මහතා හිටපු (රථවාහන) නියෝජ්‍ය පොලිස්පතිවරයා වන අතර, මාර්ග රථවාහන අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වේ.
කෙටි කාලයක් ඇතුළත කළ දැනුම්දීමක් මත,මෙවන් වැදගත් අවස්ථාවක දී ඉදිරිපත්ව රියැදුරන්ට පුහුණු කුසලතා ලබා දීම සඳහා කටයුතු කිරීම අගය කළ යුරෝපා සංගම කොමිසමේ ආරක්ෂක විශේෂඥ පෙඩ්රෝ ගුවේරා මහතා පෙරියන්පනායගම් මහතා ලබා දුන් ඉහළ ගුණාත්මක බවකින් යුත් පුහුණුව වෙනුවෙන් ඔහුට සුබ පැතුවේය.



